සුජිත් හේවාජුලිගේ-
අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ බටලන්ද මොඩලයේ සිස්ටම් චේන්ජ් එකක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පැවසීය.
පස්සේ දොරෙන් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහට නිවැරදිවීමට තිබුණ අවස්ථාව නැති කරගත් බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
හදිසි නීතිය සම්මත නොකර අරගලය ඉල්ලා සිටි සර්ව පාක්ෂික ආණ්ඩුව සෑදීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළ යුතුව තිබුණත් ඔහු එය නොකළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
ලංකාදීප –