අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන හිඟන්නන් කියන සේ  අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නොවේ – අරගලකරුවෝ කියති

by editor
ජූලි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

“අරගලයේ සැබෑ ඉල්ලීම් ඉටු කරනවා වෙනුවට අරගලකරුවන් ඉලක්ක කරගත් රාජ්‍ය මර්දනයක් දියත් වෙමින් පවතින බවත්,  අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට හුවා දැක්වීම සඳහා ‘කුමන්ත්‍රණ භීතිය’ තම පංචායුධය කරගත් අවස්ථාවාදීන් බංකොළොත්, හිඟන දේශපාලන බත්බැලයන් කොන්ත්‍රාත් ක්‍රමයට කරළියට පැමිණ ඇති බවත් සර්වපාක්ෂික අරගලකරුවෝ නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළහ.

නීතිය අවභාවිත කරමින් අරගලකරුවන් වෙත සිදුකරන අනීතික බලපෑම් සහ නෛතික වැටලීම් වහා නවතන ලෙස ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් අදාළ නිවේදනය තුළින්  ඔවුහු බල කර සිටියහ.

ව්‍යවස්ථාපිතව පුරවැසියන් වෙත හිමිව ඇති මූලික හා දේශපාලන අයිතීන් සීමා කිරීමට හා වැළැක්වීමට දරන උත්සාහයන් ද ඔවුන් විසින් හෙළා දැක ඇත.

මාධ්‍ය මෙහෙයුම් හා හමුදා සහ පොලිස් බලය යොදවමින් මහජන මතය නමැති රබර් බෝලය යට ගැසීමට රජය උත්සාහ කරන බවත්, මර්දනයන් සඳහා දරන සියලු උත්සාහයන් පරාජය කිරීමට ගත හැකි නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමටද සර්වපාක්ෂික අරගලකරුවන්  කටයුතු කරන බවත්  එම නිවේදනය ඔස්සේ  දන්වා තිබේ.

පසුගිය තෙමසක් වැනි කාලයක් තුළ මෙරට ජනතාව අත්කරගත් ඓතිහාසික, දේශපාලන ජයග්‍රහණ ලොව කිසිදු දේශපාලන ජයග්‍රහණයකට වඩා අතිශය වෙනස් හා පූර්ණත්වයට පත්වූවක් බව දක්වන සර්වපාක්ෂික අරගලකරුවන් දන්වා සිටින්නේ  පොදු අරගලයක් හරහා සමාජය විසින් පෙරළා දැමීමට උත්සාහ කරන ලද අසාර්ථක පාලන ක්‍රමය ම නැවත වටයකින් ගොඩනැගීමට පැවැති පාලන තන්ත්‍රය විසින් ක්‍රමයෙන් කටයුතු කරන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ ම, පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදුජන අරගලය පණගන්වන තුරු පාලකයන් දෙස විමසිලිමත්ව බලා හිඳින ලෙසත්, ව්‍යාජ පෙළඹවීම්වලට හසු වී අරගලය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය පළුදු කර නො ගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙන්කළ දුම්රිය ආසන සඳහා ගාස්තුත් ඉහළට….

Next Post

අරගලකරුවන් ඉල්ලුවේ බටලන්ද මොඩලයේ සිස්ටම් චේන්ජ් එක්ක නොවේ – ඩිලාන් පෙරේරා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.