උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමින් ගාල්ලේ විදුහල් තුනක උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල ගුරුවරු එකසිය පනහකට ආසන්න පිරිසක් අද (18) උදේ ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසළදි උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ඔවුන් කියා සිටියේ තමන්ට උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට පැමිණිම සඳහා ඉන්ධන නොමැති බවය.
මේ තත්වය තව දුරටත් පැවතුනහොත් තමන්ගේ රාජකාරිය නිසි ලෙස කරගන්නට නොහැකිව සාමාන්‍ය පෙළ ප්‍රතිපල පමාවී අධ්‍යාපනයද අවුල් ජාලයක් වනු ඇති බවත්ය.