බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති – අගමැති ආණ්ඩුව තුළ බරපතල ලෙස ගැටෙති… පුපුරා යන්න ලඟයි…

by editor
ජූනි 18, 2022
in පුවත්
Ranail-Gota
Share on FacebookShare on Twitter

රාජ්‍ය පාලනයේ තීන්දු තීරණ ගැනීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර උග්‍ර අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග  ලංකාසරට වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයා ගනු ලබන තින්දු තීරණ හා ඔහුගේ නිර්දේශ කිසිවකට ඉඩ නොතබා ජනාධිපතිවරයා තමන්ගේ අභිතමතය පරිදි කටයුතු කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව ද නොබෝ දිනකින් මේ අර්බුදය පුපුරා යනු ඇති බව ද  ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය සේවය මෙන්ම රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් ගනු ලබන ඇතැම් තීන්දු සම්බන්ධව දෙදෙනා අතර තරඟකාරී තතත්වයක් මෙන්ම එකිනෙකා පරයා යෑමට උත්සාහ දැරීමක්  නිසා බොහෝ වැඩකටයුතු අවුල් සහගත තත්ත්වයට පත් වී ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ තත්ත්වය සම්බන්ධව වැඩිදුරටත් කරුණු හෙලි කරන රාජ්‍ය අංශයේ ප්‍රධානියෙක් ලංකාසරට පැවසුවේ  රාජ්‍ය සේවයේ එක් ක්ෂේත්‍රයක් සඳහා අගමැතිවරයා රැස්වීමක්  පසුදා එවැනිම රැස්වීමක් ජනාධිපතිවරයා කඳවන බවත්,  ජනාධිපතිවරයා එවැනි රැස්වීමක් කැඳවන දාට දිනයක් දෙකක් ඇතුළත අගමැතිවරයා ද ඒ රැස්වීමම නැවත කැඳවන බවත් ය. මේ තත්ත්වය තුළ ගත යුතු ප්‍රවේශය සම්බන්ධව දැඩි අස්ථාවරයකට පත්වන නිලධාරීන් අතින්  කිසිම තීන්දුවක් ක්‍රියාත්මක නොවන මට්ටමක් ඇති වී තිබෙන බව ඔහු පැහැදිලි කළේය.

මෙවැනි අර්බුදයක් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන යන අයගේ පාලන කාලය තුළ ද  රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු කරද්දී  නිර්මාණය වී තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම  තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ජනාධිපති හා අගමැති දේශපාලන  කඳවුරු දෙකකින්  පත්ව තිබීමත් ඔවුන් තම තමන්ගේ දේශපාලනය ස්ථාවර කරගැනීම සඳහා තරගකාරීව  කැපී පෙනෙන ආකාරයේ තීන්දු තීරණ ගනිමින් ලකුණු දමා ගැනිමට යෑමත් බව එම ආරංචි  මාර්ග කියයි.

කෙසේ වෙතත් රජයේ අභ්‍යන්තර තොරතුරු හෙළි කරන්නේ  ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අතර ද මෙවැනි ගැටුමක් නිර්මාණය වී තිබුණ  බවය. ඔවුනගේ සහෝදරත්වය සහ දේශපාලන කඳවුර එකක් වීම නිසා එය  ගැටුම ඉස්මතු වී නැත.

රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ  අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර ඇති වී තිබෙන මෙම කඹ ඇදීම නිසා  රටට හෝ ජනතාවට කිසිම ප්‍රයෝජනයක් ඇති නොවන බවය.

තව දුරටත් මේ තත්ත්වය ඇතිවුවහොත් ජනතාව එක්ව දෙදෙනාම පළවා හරිනු ඇති බවත් එම ආරංචි මාර්ග  වැඩිදුරටත් සඳහන් කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පේරාදෙණිය සරසවිය වසා දමයි!

Next Post

ඇගයීම් මධ්‍යස්ථානවලට යන්න ඉන්ධන නෑ…. ගාල්ලේ ගුරුවරු  පිළිතුරු ඇගයීමට පෙර උද්ඝෝෂණයක යෙදෙති…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.