පේරාදෙණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. පවතින දුෂ්කර තත්ත්වය හේතුවෙන් මෙම තීන්දුව ගත් බව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය නිවේදනය කරයි.
ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන වැඩසටහන් සහ විභාග අත්හිටුවා නේවාසිකාගාර තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් නේවාසිකාගාරවල රැඳී සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වහාම නේවාසිකාගාරවලින් පිටත්ව නිවෙස් බලා යන ලෙසයි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් ඩී ළමාවංශ උපදෙස් ලබා දී තිබේ.