9 වන පාර්ලිමේන්තුවෙ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ හෙට (09) උදෑසන 8.30ට කැලණිය ඓතිහාසික රජමහා විහාරයේ දී සිය ධූරයේ දිවුරුම් දෙන්නේය.
වර්තාගත මනාප චන්ද 5, 27, 364ක් ලබාගෙන ජයග්රහණය කළ මහින්ද රාජපක්ෂ දෙවරක්ම මේ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කෘතහස්ථ දේශපාලකයෙකි.
අගමැතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව ඇමතිමණ්ඩලය නම් කිරීම සිදුවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ලංකාසරට පැවසීය. මෙම දිවුරුම් දීමේ උත්සවය කලින් අදහස්ක ර තිබුණේ ලබන සඳුදා (10) පැවැත්වීමටය.