කීර්ති ප්‍රනාන්දු –
ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර සෑම හන්දියක් ගානේම හමුදා ට්‍රක් රථ වලින් ආයුධ සන්නද්ධ හමුදා සෙබලුන් ප්‍රදර්ශනය වෙමින් සිටිය දී මිනුවන්ගොඩ නගර මධ්‍යයේ සිවු මං හන්දියේ ඔරලෝසු කණුව වටාත් මාර්ගවල පදික වේදිකා මතත් රැස් වූ ජනතාව මේ වනවිට විරෝධතාවයක නිරත වී සිටිති.
කුරුණෑගල කොළඹ 05 මාර්ගයේ මෙන්ම කටුනායක නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන මෙම විරෝධතාවය දක්වන පිරිස් අසල නැවතී නලා හඬවමින් සිය සහයෝගය පලකරනු දක්නට ලැබිණි.
සිංහකොඩි ප්‍රදර්ශනය කරමින් කිසිම දේශපාලන සටන් පාඨයකින් තොරව පවතින ආණ්ඩුවට විරෝධතාවය පල කරමින් සිටි පිරිස පවසන්නේ තමන් මේ ආණ්ඩුව පත් කිරීමට ඡන්දය ලබා දුන් ජනතාව බවය.
මේ වනවිට දිවයින පුරාම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.
හෙට පැවැත්වීමට නියමිත බව විශ්වාස කළ මහජන විරෝධතාවය මර්ධනය කිරීම සඳහා මෙම ඇඳිරි නීතිය රජය විසින් පනවා ඇත.