මේ ආපදා අවස්ථාවේ රජයේ සියලුම අනවශ්‍ය වියදම් ඉවත්කර සියලුම අමාත්‍ය වරප්‍රසාද මහජන සුබසාධනය වෙනුවෙන් කැපකරන ලෙස සිවු නිකායික මහා නායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.
මහජන පීඩාවන් සම්බන්ධව අසංවේදීව තීන්දු තීරණ ගැනීම ජනතා නොසන්සුන්තාවයන් තීව්‍ර කිරීමට හේතුවන බව උන්වහන්සේලා පෙන්වා දෙති.
අර්බුදයේ ස්වරූපය තේරුම්ගෙන විශේෂඥ උපදෙස් මත නම්‍ය ශීලීව ජනතාවට පිළිගත හැකි උපදෙස් ලබා දෙන නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ජනතා විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන ලෙසද මහා නායක හිමිවරු ඉල්ලා සිටිති.
මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමි, අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමි, අමරපුර මහානිකායේ මහා නායක දොඩම්පහල ශ්‍රී චන්ද්‍රසිරි නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ ශ්‍රී විමල නා හිමි, ඒකාබද්ධව නිකුත් කළ එම නිවේදනය පහත දැක්වේ.