දිනසේන රතුගමගේ
ශ්‍රී ලංකාවේ පැරණිම දෙමළ දේශපාලන පක්ෂය වන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට දෙමළ දේශපාලන පක්ෂ රැසක් මේ දිනවල කටයුතු කරගෙන යන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරී මහතා 26 දා පැවසීය.
වවුනියාවේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක් වූ ඔහු කියා සිටියේ තම පක්ෂය කවරෙකුගේ හෝ පටු දේශපාලන අරමුණු වලට සහය නොදීම නිසා බොහෝ දෙමළ දේශපාලන පක්ෂ ඊට උරණව සිටින බවයි.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙනත් දෙමළ දේශාපාලන පක්ෂ සමග සන්ධාන ගත නොවූ එකම දෙමළ දේශපාලන පක්ෂය නිසා එම පක්ෂයේ සාමාජිකයින් බලහත්කාරයෙන් බිලී බාගෙන පක්ෂය විනාශ කොට බලය ඇල්ලීමට දෙමළ දේශපාලන පක්ෂ කීපයක් අසාර්ථක උත්සාහයක නිරත වන බවද ඔහු කියා සිටියි.
උතුරේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එකතු වී එල්.ටී.ටී.ඊ.නායක ප්රභාකරන්ට කේලම් කියමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විනාශ කිරීමට කුමන්ත්‍රණය කළත් තමන් එහිදී ප්රභාකරන්ට බිය නොවී දෙමළ දේශාපාලන පක්ෂ එකමුතුවෙන් ඉවත් වූ ආකාරයද ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එදා විශාල අවි බලයක් තිබූ ප්රභාකරන්ට වූවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විනාශ කිරීමට නොහැකිව තිබියදී උතුරේ බංකොලොත් වී සිටින දෙමළ දේශපාලන පක්ෂ වලට තමන්ගේ දේශපාලනා පක්ෂය විනාශ කිරීමට හෝ බලහත්කාරයෙන් එහි බලය අත්පත් කර ගැනීමට නොහැකි බවද ආනන්ද සංගරී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය.