පාතල කල්ලියකට අයත් ටී.56 ගිනි අවි දෙකක්, සහ පතරොම් 750ක් සමග හෝමාගම පිටිපන උතුරේ නිවසක දී පොලිස් කොස්තාපල් වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 10 දා රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇත.
මුලින්ම ගිනි අවි දෙක සමග පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේ දී හෝමාගම කිරිවත්තුඩුවේ වැව් සොරොව්වක සඟවා තිබූ ටී 56 අවි වලට භාවිතා කරන පතොරම් 750 සොයා ගත හැකි වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ප්රවාහන කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල් රියදුරෙකි.
කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලියට අයත් ඒවා සේ සැලකෙන මෙම ගිනි අවිත් සමග පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුට පත්වන්නේ හෝමාගම පිටිපන පිහිටි ව්යාපාරික ස්ථානයකින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අල්ලාගත් ටී 56 ගිනි 11 සහ ටී 81 ගිනි අවිය සම්බන්ධයෙන් කෙරන විමර්ශනවල ප්රතිඵලයක් ලෙසිනි.
අත්අඩංගුවට පත් මෙම ගිනි අවි දෙකේ අනුක්රමික අංක මකා දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.