කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීම නිසා එම නිවසේ නිවැසියන් ඇතුළු කුණ්ඩසාලය වරාපිටිය ගොවිපල පාසල අවට විශාල පිරිසක් වහාම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන් තිලකරත්න පැවසීය.
කුණ්ඩසාල වරාපිටිය ගොවිපල පාසලේ පදිංචි, කන්දකාඩු පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ උපදේශකයෙක් ලෙස සේවය කරන හමුදා නිලධාරියෙකු දින 11ක නිවාඩුවකට නිවසට පැමිණ සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව කොරෝනා ආසාදිතයෙක් බව පී.සී.ආර් පරීක්ෂාවෙන් තහවුරු වීමත් සමග මේ තීන්දුව ගත් බව මධ්‍යම පළාත් සෞඛ අධ්‍යක්ෂවරයා කියයි.
මේ වනවිට මෙම නිලධාරියා සමග සම්බන්ධතා පැවැත්වූවන් සම්බන්ධව දීරඝ ලෙස විස්තර සොයමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.