යොහානි නැවත ඉන්දියානු රසිකයන් මෝහනයට පත් කරන්නීය. මැණිකේ මගේ හිතේ ගීතයේ රිද්මයට බැඳුණු ඉන්දීය රසිකයන් වෙත ඇය දැන් වඩාත් සමීප වී සිටින්නීය.
ඇය ගැයූ මුල්ම හින්දි ගීතය අද (28) එළිදක්වා තිබිණි. ඒ ලොව වැඩිම ග්රාහක පිරිසක් සිටින යූ ටියුබ් චැනලයක් වන T series ලේබලය යටතේය.
ඇය ගැයුවේ චිත්රපට අධ්යක්ෂක කුනාල් දේශ්මුක් විසින් අධ්යක්ෂණය කළ ”ෂිද්දත් (Shiddat)’ හින්දි චිත්රපටයේ නිල තේමා ගීතයේ කාන්තා අනුවාදනය(Female Version) ය.
චිත්රපටයේ ඇතුළත් මේ ගීතයේ මුල් ගායනය සිදු කරන්නේ මනන් භාරද්වාජ් විසිනි.
යොහානි ගේ ගායනය ඇතුළත් ෂිද්දත් හින්දි චිත්රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කිරීමට කටයුතු සූදානම් කර ඇත.
පහතින් ඒ මනරම් ගීතය විඳින්න