මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන් ගුවන් ගත වනවිට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයෙක් නොවන්නේ නම් මෙරට දී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් නොකර සමාජගත කිරීමට තීරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ නව මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.
එළඹෙන 01 දා සිට ක්‍රියාත්මකවන ආකාරයට දෙස් විදෙස් ගුවන් මගීන් වෙත නිකුත් කර ඇති මෙම නව මාර්ගොපදේශය අනුව පූර්ණ එන්නත්කරණය නොකළ විදේශිකයන්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලයට යෑමට අවස්ථාව ලබා දෙන බවත් එහිදී පි.සී.ආර්. පරීක්ෂණයක් කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන කියයි.
එහෙත් විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට ගුවන්තොටුපලේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මත ආසාදිතයෙක් නොවේ නම් ඔවුන්ගේ නිවෙස් කරා යොමු කිරීමට අවස්ථාවක් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
නිවෙස් කරා යොමු වී 12වැනි දිනයේ දී නැවත කරන ලද පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල මත ඔවුන්ව සමාජගත කළ හැකි බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශයට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.