මහ බැංකුව විසින් පනවන ලද ආනයන සීමා හේතුවෙන් මෙරට තුළ කිසිදු යට ඇඳුම් හිගයක් ඇති නොවන බවත් එවැනි යට ඇඳුම් හිගයක් ඇති නොවීමේ වගකීම තමන් භාර ගන්නා බවත් වෙළෙඳ අමාත්‍ය බනදුල ගුණවර්ධන මහතා අද පැවසීය.
කොවිඩ් වෛරස ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලද අමාත්‍යවරයා සුව වී පැමිණ මුල්වරට මාධ්‍ය හමුවට පැමිණ මේ බව සඳහන් කළේ මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල යට ඇඳුම් ආනයනය සීමා වීම නිසා හිගයක් ඇති වන බවට පැවති ප්‍රචාර සම්බන්ධයෙන් පිළිතුරු දෙමිනි.
ජාත්‍යන්තර මට්ටමේ යට ඇඳුම් නිෂ්පාදනය කරන ශ්‍රි ලංකාවේ ප්‍රකට සන්නාමවලින් අලෙවි වන යට ඇඳුම් බොහෝමයක් මෙරට නිපදවන බව මෙරට තරුණයන් නොදන්නා බවත් හොඳ ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට සමත් දේශීය කර්මාන්තකරුවන් ගණනාවක් සිටින බවත් ඔහු සඳහන් කළේ මහ බංකුව ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී සියයට සියයක අත්තිකාරමක් ලබා ගැනීමට තීරණය කිරීමෙන් පසු සමාජ මාධ්‍ය ජාලවල යට ඇඳුම් හිගයක් ඇතිවන බවට වූ ප්රචාරයන්ට ප්‍රතිචාර දක්වමිනි.
ශ්‍රි ලංකාවේ යට ඇඳුම් කර්මාන්තකරුවන් සියල්ල ඒකරාශී කර නුදුරේදීම යට ඇඳුම් ප්‍රදර්ශනයක් සහ සල්පිලක් පැවැත්වීමට සූදානම් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.