ලලිත් චාමින්ද –
සලකුනු කරනු ලැබූ කොවිඩි එන්නත් කාඩ්පත් 45ක් ළඟ තබාගෙන සිටි ගාල්ල මහ නගර සභාවේ ප්‍රධාන ප්‍රජා සංවර්ධන නිලධාරි වරයා අද (11) අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලීසිය පවසයි.
මොහු වංචනික අයුරින් එන්නත් කාඩ්පත් තොගයක් ළඟ තබාගෙන සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත. මෙකී නිලධාරිවරයා සන්තකයේ තිබී එන්නත් කාඩ්පත් තොගය පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නාවින්න උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ජූලි මස 28 වන දින ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයේ පැවැති එන්නත් කරන වැඩසටහනකට මොහු සහභාගි වී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙකී එන්නත් කාඩ්පත්වල ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිල මුද්‍රාව තබා ඇති බව ද බවද පොලිසිය පවසයි..
මෙම නිලධාරියා එන්නත් කාඩ්පත් භාර නොදී තමා සන්තකයේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.