වර්තමාන ත්ත්තවය පිළිබඳව ගත යුතු තීරණ සම්බන්ධයෙන් කොවිඩ් පාලන කාර්ය සාධක බලකායද ඇතුළත් විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයා විසින් අද දින කැඳවනු ලැබ ඇත. මෙම තීරණාත්මක රැස්වීම අද පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයයේදී පැවැත්වේ.
මේ වනවිට රට තුළ ඉතා වේගයෙන් කොවිඩ් අසාදිතයන් ව්‍යාප්ත වීමත් මේ සමඟ රොහල්වල ඉඩ පහසුකම් නොමැති වීම සහ මරණ වැඩි වීම සම්බන්ධයෙන් සලකා, ගත යුතු තීරණ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සාකච්ඡාව සඳහා අදාළ සියලු ම පාර්ශ්ව කැඳවා ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.