අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝනියක දැමූ කාන්තා මළ සිරුරක් වාලච්චේනෙන් හමුවේ..

by editor
අගෝස්තු 6, 2021
in පුවත්
මළ සිරුර හමු වූ ස්ථානය

මළ සිරුර හමු වූ ස්ථානය

Share on FacebookShare on Twitter

ගෝනියක දමා ගැටගැසූ කාන්තා මළ සිරුරක් අද (06) වාලච්චේනයෙන් හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම මළ සිරුර හමුවී ඇත්තේ වාලච්චේන නගරයේ ඇලුමිණියම් භාණ්ඩ හා සුරතල් මසුන් අලෙවිකරන අලෙවි සලක් තුළිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා කී ආකාරයට සිද්ධිය මෙසේය.
ඊයේ (05) සවස වාලච්චේන පොලිසියට 55 හැවිරිදි කාන්තාවකගේ අතුරුදන් වීමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබේ.

එම පැමිණිල්ලෙන් කියැවී තිබුණේ මෙම කාන්තාව සවස් කාලයේ බැංකුවට යන බව කියා පිටව ගිය නමුත් තවමත් නිවසට නොපැමිණි බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම පැමිණිල්ල ගැන විමර්ශනය කරමින් සිටින අතරතුරම වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත තවත් පැමිණිල්ලක් ලැබී තිබේ.

ඉන් කියැවී ඇත්තේ වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසලක් තුළ සැක කටයුතු ගෝනි දෙකක් ඇති බවය.

පොලිසිය එම වෙළෙදසල පරීක්ෂා කිරීමේ දී ගෝනි දෙකෙන් එක් ගෝනිය පොහොර තොගයක් සහ අනෙක් ගෝනියේ කාන්තා මළසිරුරක් තිබෙන බව හෙළිදරවු වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ අතුරුදන් වූ කාන්තාවගේ සිරුර මේ ගොනිය තුළ ඇති බවට විශ්වාස කරන බවය.

මේ කාන්තාව බැංකුවට යෑමට පිටත් වී ඇත්තේ ත්‍රී රෝද රථයකිනි. මෙම මළු දෙක අදාල වෙළෙඳසල වෙත ගෙනැවිත් දී ඇත්තේත් එම ත්‍රී රෝද රථයේ රියදුරු විසිනි.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ඝාතනය ත්‍රී රොද රථ රියදුරු විසින් කර සිරුර ගෝනියක බහා මේ ස්ථානයට ගෙනැවිත් ඇති බවට සැක කරන බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුවත් මෙම වෙළෙඳසල් හිමිකරුවත් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසුවේය.

මේ සම්බන්ධව අද (06) වාලච්චේන මහේස්ත්‍රාත්වරයා වෙත දන්වා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හා ඉන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත.

වාලච්චේන පොලිසිය වැඩි විමර්ශන පවත්වන බවත් අද දිනයේ මෙම ස්ථානයට පොලිස් අපරාධ පරික්ෂණ ස්ථාන නිලධාරීන් ගෙන්වා තවදුරටත් විමර්ශන සිදුකිරීමට විද්‍යාත්මක සාක්ෂි ලබා ගැනීමට නියමිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තරේ කැඳවුම්කරු හා ජපුර මහා ශිෂ්‍ය සංගම් සභාපති අත්අඩංගුවට

Next Post

ජනාධිපති කොවිඩ් කාර්ය සාධක බලකාය කැඳවයි!.. තීරණාත්මක රැස්වීමක් අද පෙරවරුවේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.