අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප ඇතුළු 05 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ කොතලාවල පෞද්ගලික විශ්විද්‍යාල පනතට විරුද්ධව පාර්ලිමේන්තුව අසල සිදුකළ උද්ඝෝෂණයේ දී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතල තුවාල සිදුකිරීම, මිනී පෙට්ටි පුලුස්සා මාර්ගයට හානි කිරීම, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.
වසත් මුදලිගේ හා අමිල සංදීප යන ක්‍රියාකාරීන් දෙදෙනා ඉහත චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
අනෙක් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කිරීම, වෑන් රථවලින් කොළඹට පුදුගලයින් ප්‍රවාහනයකිරීම, සම්බන්ධයෙනි.
එසේම මෙම පුද්ගලයින කොළඹට ප්‍රවාහනය සිදුකිරීම සඳහා යොදා ගත් වෑන් රථ 03ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය පවසයි.