දිනසේන රතුගමගේ –
මුලතිව් පුදුකුඩීඉරිප්පු සුතන්තිරපුරම් ගම්මානයේ නිවසක රුපියල් පන්සීයේ ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් ළග තබාගෙන සිටි කාන්තාවක් 5 දා පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හතළිස් එක් හැවිරිදි මෙම කාන්තාව තවත් තරුණයෙකුගේ සහය මත ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරණ බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත අදාල කාන්තාව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අවස්ථාවේදී නිවස තුළ සගවා තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු හමු වී තිබේ.
මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලිසිය සැකකාර කාන්තාව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර ඇය මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කරණ ස්ථානය හා ඒ පිළිබදව වැඩිදුර විස්තර සෙවීම පිණිස පරීක්ෂණ ආරම්භ කොට තිබේ.