“එක කාලෙකට කැස්බෑවුන් විශාල වශයෙන් මියගොස් වෙරළට ගොඩ ගසනවා. විශාල තල්මසුනුත් මැරිලා මාතර වෙරළට ගොඩගැහුවේ. මේ නිසා මේ දවස්වල මිය යන කැස්බෑවුන් මිය යන්නේ ඇයිද යන්න නිසි පර්යේෂණයක් සිදු නොකර කිව නොහැකි යයි ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නැවේ අනතුරින් පසුව තල්මසුන් සහ කැස්බෑවුන් විශාල වශයෙන් මිය ගොස් වෙරළට පැමිණිම පිළිබඳව මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ නිසි ලෙස පර්යේෂණයක් සිදු කිරීමෙන් තොරව මේ සම්බන්ධයෙන් ප්‍රකශයක් දිය නොහැකි බවය. එසේම ඔහු එහිදී තවදුරටත් සඳහන් කරන්නේ ගිලුණු නැවේ තෙල් කාන්දුවක් සිදුව නැති බැවින් එම නැවේ තිබූ වෙනත් ද්‍රව්‍ය හේතුවෙන්න් බලපෑමක් සිදුවූයේ යන්න පිළිබඳව පර්යේෂණ කළ යුතු බවය.
ඔහු තවදුරටත් පවසන්නේ යාල සියට ගාල්ලට යන තෙක් නැව් තුන් හාරසීක් ගිලි ඇති අතර ඒවා මත්ස්‍යයන් බෝවීමට විහාල වශයෙන් ඉවහල් වී ඇති බව ය.