අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් සමඟ හැප්පෙන ඉන්දියානුවන්ට යෝග නිසා ලැබුණු යෝධ ශක්තිය ගැන අගමැති මෝදි කියයි

ජූනි 21 අද ජාත්‍යන්තර යෝග දිනය

by Lanka Sara Editor
ජූනි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යෝග ව්‍යායාම නිතර සිදු කරන එයට ප්‍රවර්ධනය කරන චරිතයකි. ඔහු යෝග අභ්‍යාස සිදු කරන ආකාර පිළිබඳව කිහිප වරක්ම සමාජ මාධ්‍යවලට වරින් වර මුදා හළ අතර ඒවා ලෝකය පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත්විය. එසේම ජාත්‍යන්තර යෝග දිනයේදී (International Day of Yoga) ඉන්දීය අගමැතිවරයා කියූ කෙරූ දේවල් දුටු විට ඔහු මේ සම්බන්ධයෙන් කෙතරම් උනන්දු වන්නකුදැයි වටහා ගත හැකිය. පසුගිය අවුරුද්දේ ජූනි 21 වැනිදාට ඔහු තමන් යෝග කරන ආකාරය ගැනත් එයින් තමන්ට ලැබෙන ප්‍රයෝජන ගැනත් කතා කළේ ජාත්‍යන්තර යෝග දිනය ට තම පනිවිඩය එක් කරමිනි. ඔහු එදා කීවේ නිවසේ සිය ඔබේ පවුල සමඟ යෝග ව්‍යායාම සිදු කරන ලෙසය. කොවිඩ් වසංගතය හේතුවෙන් නිවසට වී ගත කිරීමට උනන්දු කරවූ මෙම පනිවිඩයෙන් ඉන්දීය අගමැතිවරයා කොවිඩ් වෛරසයට එරෙහිව ශරීරය හැඩ ගස්වා ගැනිමටද යෝග අභ්‍යාසවලට පවතින හැකියාව පිළිබඳව ද කතා කළේය.ඒ අදට හරියටම වසරකට පෙරය. අද ද (ජූනි 21) ජාත්‍යන්තර යෝග දිනයයි.

ඉන්දීය අගමැතිවරයා කියන්නේ යෝග යනු තම දෛනික ජීවිතයේ අත්‍යන්තර කොටසක් බවය. නරේන්ද්‍ර මෝදිටත් ඉන්දියානු ජනතාවටත් ඔවුන්ගේ පොහොසත් ශිෂ්ටාචාරය ලබා දුන් එක් ත්‍යාගයක් වූ යෝග මේ වනවිට බටහිර ලෝකය ද මැනවින් උපයෝගී කර ගනී.එම අභ්‍යාසවල නිසි අයුරින් නිමග්න වන ජාත්‍යන්තර තලයේ විද්වතුන්, නළු නිළියන් මෙන්ම දේශපාලන නායකයන්ද ලොව පුරා සිටිති. ශ්‍රි ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ යෝග අභ්‍යාස කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන චරිතයකි. ඔහුගේ යෝග චර්යා පිළිබඳව වරක් ඔහුගේ යෝග උපදේශක නන්ද සිරිවර්ධන මාධ්‍යයට පවසා තිබු අතර ඔහු විසින් සිදු කරන සුවිශේෂී ව්‍යායාමවල ඡායාරූප සමාජ මාධ්‍යවලද ප්‍රචාරය විය.

modi

තවත් කෙනකුට යෝග යනු ෆැන්ටැසියකි. චීනයට යෝග යනු ව්‍යාපාරයකි. චීනයේ නිෂ්පාදිත යෝග මෙට්ටවලට මේ වනවිට ලොව පුරා ඉල්ලුමක් ඇත.අපේ සමහර දේශපාලකයන්ට යෝග යනු රඟ පාන්නට ලැබෙන නාටකයකි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ කෙසේ වෙතත් ඉන්දියානුවන්ට හින්දු සංස්කෘතිය තුළ උරුම වුණු යෝග මේ වනවිට ලොව පුරා ව්‍යාප්තව ඇත. මෙම යෝග අභ්‍යාස අනුමගනය කරන බොහෝ දෙනකු තම මනස, සිරුර මෙන්ම ආධ්‍යාත්මය ඒකීය ව තබා සමතුලනය කර ගැනීමේ මෙවලමක් සේ දකිති. සංස්කෘත වචනයක් වන යෝග යන්නෙහි අරුත යෝග යන වචනයේ අරුතද එක් වීම ,එක්සත් වීම යන්නය. එයින් කියවෙන්නේද කය මනස ආධ්‍යාත්මික මෙන්ම පරිසරයද ඒකාග්‍රතාවකට පත් කිරීමය. විශේෂයෙන් මානසික ආතතිය වැඩි බටහිර රටවල ජනතාව ඊට පිළිසරණය පතන ප්‍රධාන ක්‍රමවේදයක් වන්නේ මනසත් ඒකාග්‍රතාවට පත් කරවන මෙම යෝග්‍ය අභ්‍යයාසවලිනි.

මෙම යෝග විද්‍යවෙහි උපතක් පිළිබඳව පැහැදලි අදහසක් නැත. ඒ තරම්ම පැරණිය. ඉන්දීය ඉතිහාසඥයන් පවසන්නේ යෝග වසර 5000ක පමණ පැරණි ඉතිහාසයක් පුරා දියුණු වෙමින් පවතින විද්‍යාවක් බවය.

ඔවුන්ගේ අදහසට අනුව යෝග පුහුණුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම විකාශය වූ බවට විශ්වාසයක් ඇත. යෝග විද්‍යාවේ මූලාරම්භය මීට වසර දහස් ගණනකට පෙර, පළමු ආගම් හෝ විශ්වාස පද්ධති බිහි වීමට බොහෝ කලකට පෙර බවට විශ්වාස කෙරෙයි.

ඉන්දු සරස්වතී නිම්න ශිෂ්ටාචාරයේ මුද්‍රා හා පොසිල නටඹුන් රාශියක් තුළ යෝග සහ සාධන නිරූපණයන් දක්නට ලැබීම මේ පිළිබඳව ලැබී ඇති ප්‍රබල සාක්ෂියකි. පුරාණ ඉන්දියාවේ ජන සම්ප්‍රදායන්, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, වෛදික හා උපනිෂාද් උරුමයන්, බෞද්ධ හා ජෛන සම්ප්‍රදායන්, දර්ශන, මහා භාරතයේ හා රාමායනයේ වීර කාව්‍යයන්, ෂයිවාස්, වෛෂ්ණාවරුන්ගේ හා තාන්ත්‍රික සම්ප්‍රදායන් තුළ යෝගා පැවති බවට සාධක ඇත. කෙමෙන් විකාශය වන මෙම යෝග ක්‍රමවේද පිළිබද කියවෙන ලේඛන ආරම්භ වන්නේ පුරාණ ෂෘෂිවරයකු වන පතංජලී විසින් ලියන ලද යෝග සූත්‍ර නම් ග්‍රන්ථයයි. එය මේ පිළිබඳව ලියවෙන මුල් ලේඛනය ලෙසින් සැලකයි. එයද ලියවෙන්නේ ක්‍රි.පූ 4 වැනි සියවස තරම් ඈත කාලයේදිය.

තාවකාලිකව, ක්‍රි.පූ 500 – 800 අතර කාල පරිච්ඡේදය සම්භාව්‍ය කාල පරිච්ඡේදය ලෙස සලකනු ලබන අතර එය යෝග ඉතිහාසයේ හා සංවර්ධනයේ වඩාත්ම සාරවත් හා කැපී පෙනෙන කාල පරිච්ඡේදය ලෙස සැලකේ. මෙම කාල පරිච්ඡේදය ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ආගමික ගුරුවරුන් දෙදෙනෙකු වන මහාවිර සහ ගෞතම බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලය නිසා බව ඉන්දීය ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි.

යෝගවල පවතින විශේෂත්වයක් වන්නේ එය කිසියම් විශේෂිත ආගමකට, විශ්වාස පද්ධතියකට හෝ ප්‍රජාවකට පමණක් අනුගත නොවීමය. එහි සෑම ආගමකම ඇදහීමකම පෙලඹවීමක් ඇත. ඒ අනුව බලන කල යෝග යනු විද්‍යාවකි. එය සෑම විටම පුද්ගලයකුගේ අභ්‍යන්තරික යහපැවැත්ම සඳහා තාක්ෂණයක් ලෙස ප්‍රවේශ වී ඇත. යමෙකුගේ ඇදහිල්ල, ජනවාර්ගිකත්වය හෝ සංස්කෘතිය නොසලකා යෝගා පුහුණුවීම් කරන ඕනෑම කෙනෙකුට එහි ප්‍රතිලාභ ලබා ගත හැකිය. මේ තත්ත්වය තුළ ඉන්දියාවේ සාම්ප්‍රදායික යෝගා ගුරුකුල රාශියකි. ඒ තුළ බිහිව ඇති යෝග ක්‍රමද රාශියකි. නිදසුනක් ලෙස ඥාන යෝග, භක්ති යෝග, කර්ම යෝග, ධ්‍යාන යෝග, පතංජලි යෝග, කුණ්ඩලිනි යෝග, හත යෝග, මන්ත්‍ර යෝග, ලය යෝග, රාජ යෝග, ජෛන යෝග,මෙන්ම බෞද්ධ යෝග තුළ තම තමන්ගේම මූලධර්ම හා භාවිතයන් මත බිහිව ඇත.

මහා සෘෂි පතංජලී විසින් ලියන ලද යෝග සූත්‍රයට අනුව යෝගවල ප්‍රධාන අංග අටක් ඇත. එනම් යාම, නියම, ආසන, ප්‍රාණයාම, ප්‍රත්‍යහාර, ධරණ, ධ්‍යාන හ සමාධි ය. යාමවලින් කියවෙන්නේ අනුන් කෙරෙහි තමන් ජීවත් වන පරිසරය වටපිටාව කෙරෙහි දක්වන සැලකිල්ලය. කරුණාව මෛත්‍රි සහගත නැඹුරුවය.

නියම යනු තමන් වෙත දක්වන සැලකිල්ල සහ අවධානයයි. ස්වයං විනයයි. ආසන යනු අප ගේ ඉරියව්ව වෙයි. මෙම යෝග ඉගැන්වීම්වලට අනුව එවැනි යෝග ඉරියව් සිය ගණනක් ඇත. මෙයින් උත්සාහ කරන්නේ ශරීරයේ නම්‍යශීලීත්වය හුරු කර ගැනීමය. ශරීරයේ ස්නායු, අවයව සහ මාංස පේශී මේ ඉරියව් සමඟ අනුගත කොට යම් ශාරීරික සුවතාවක් පවත්වා ගැනීමය.

ප්‍රාණ යාම යනු ශ්වසනය සිහියෙන් යුතුව පාලනය කිරීමය. මෙයද ඉතා ජනප්‍රිය යෝග අංයක් බවට පත්ව ඇත. අපේ හුස්ම ගැනීම හ පිට කිරීම් ස්වයංව සිදුවන අතර ප්‍රාණ යාමයේදී එය අප විසින් හිතාමතා එය පාලනයකින් යුතුව සිදු කිරීමට පොලඹවයි. මෙය ශාරීරිකව සහ මානසිකව යම් සමාධියක් ඇති කරවීමට හේතුවෙයි.

ප්‍රත්‍යහාර යනු සංවේදන පාලනය කිරීමය. අපේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්වලට දැනෙන සංවේදන යම් පාලනයකට අනුව සිදු කිරීම එහිදී සිදුවෙයි.

ධරණ යනු මනස ඒකාග්‍රතාවකට පත් කිරීමය. ධ්‍යාන යනු භාවනාවයි. එයින් මනා සිහියතක් උපදවා ගැනීමට සිත යොමු කරවයි. ඒ තුළ අපට අප පිළිබඳව මනා අවබෝධයක් පාලනයක් පිළිබඳව අවධානය යොමු කරවයි.

සමාධිය යනු මෙම ක්‍රියාදාමයේ අග්‍රඵලයයි. එයින් අදහස් වන්නේ සිත යම් සමාධියකට පමුණුවා ගැනීමය.

යෝග පිළිබව විද්‍යාත්මක ලෝකය තුළ පර්යේෂණ සිය ගණනක් සිදුව ඇත. සමහර පර්යේෂණ මතුපිටින් කරන ලද ඒවා වන අතර සමහර පර්යේෂණ බටහිර විද්‍යාවට අනුගතව ඉතා සංකීර්ණ මට්ටමින් සිදු කොට ඇත. මෙම සෑම පර්යේෂණයකින්ම තහවුරු වී ඇති කරුණක් වන්නේ මෙය පුද්ගලයකුගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට හිතකර ප්‍රයෝජනවත් අංග ගණනාවක් පවතින බවය.

වර්තමානයේ ඉන්දියාව මෙන්ම සමස්ත ලෝකයම පෙළෙන්නේ එකම කායික සහ මානසික පොදු වේදනාවකිනි. ඒ කොවිඩ් වසංගතයයි. මෙම වසංගතය සම්බන්ධයෙන් සැලකීමේදී ඉන්දීය අගමැතිවරයා කිහිප වරක්ම අවධාරණය කළේ යෝගවල ජනප්‍රිය අංගයක් වන ප්‍රාණයාමය තුළින් සැලකිය යුතු ප්‍රතිඵලයක් ගත හැකි බවය. මෙය කීවේ ඉන්දිය අගමැතිවරයා ආවාට ගියාට නොවේ. ප්‍රාණයාමය හේතුවෙන් අපගේ ශ්වසන ධාරිතාව වර්ධනය වීමත් රුධිර සංසරණය සහ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවල යම් වර්ධනයක් වීමත් සිදුවන බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත. එසේම මෙම තත්ත්වයන් තුළ යෝග ව්‍යායාම මඟින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් ශ්වසන පද්ධතියත් ශක්තිමත් වන බව මෙම විදයාඥයන් මත පළ කර ඇත.

ඒ පිළිබඳව පසුගිය වසරේ සේම මේ වසරේදි ජාතිය අමතමින් අද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි යෝග සහ කොවිඩ් අතර කතාව යාවත්කාලීන කළේ මෙසේය.

“ කොවිඩ් වයිරසය ට එරෙහි සටනේදී ඉන්දියානුවන්ට යෝග විශාල ශක්තියක් වුණා. අප දැඩි ආතතියෙන් මිදී ශක්තිමත් භාවයකට පත් විමටත් සෘනාත්මක භාවයේ සිට ධනාත්මක භාවය සහ නිර්මාණශීලීත්වය දක්වා ගමන් කරවීමටත් යෝග ඉන්දියාට පාර පෙන්නුවා. කොවිඩ් සටනේ පෙරමුණේ සිටින විරුවන් මට පෞද්ගලිකව කී දෙයක් තමයි යෝග මඟින් ඔවුන්ට ලබා දුන් අභ්‍යන්තර ශක්තිය සහ විශ්වාසය ඔවුන් කොවිඩ් වෛරසයෙන් බේරීමට විශාල ශක්තියක් වූ බවය. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයත් විවිධ භාෂාවලට සකස් කළ යෝග පිළිබඳව වීඩියෝ මාලාවක් සකස් කරමින් සිටිනවා.

ඒ වගේම කොවිඩ් අභියෝගය පරාජය කිරීමේදී යෝගවල ශක්තිය කෙසේ ලබා ගත හැකිද යන්න පිළිබදව සහ එහි බලපෑම පිළිබඳව විද්‍යාඥයන් පර්යේෂණ පවත්වනවා. අද අප සමරන්නේ හත්වන ජාත්‍යන්තර යෝග දිනයයි. එක ලෝකයත් එකම සෞකයයක් යන දැක්ම යටතේ අද මුළු ලෝකයම ඒකරාශීව සිටිනවා. එවැනි අරමුණක සිටින මුළු ලෝකයම මේ වනවිට යෝගවල පවතින වැදගත්කම අවබෝධ කර ගනිමින් සිටිනවා “යනුවෙන් ඔහු අද පෙරවරුවේ ලෝකය අමතමින් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සහල් මිල මෙල්ල කිරීමට ආණ්ඩුවෙන් තවත් උපායක් ! සහල් ගබඩා හදිසි පරීක්ෂාවකට!  

Next Post

“එක කාලෙකට කොහොමත් විශාල වශයෙන් කෑස්බෑවුන් මැරෙනවාලු”- ඇමති චමල් කියයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.