මෙරට සිදුවන දැවැත්තම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වෙත එල්ල වී ඇති චෝදනා සහ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සම්බන්ධව ඇති විදේශ විනිමය වංචාව පිළිබඳව සිදුකෙරුණු විමර්ශන ලිපිගොනුව අස්ථානගත විම පිළිබඳව පරීක්ෂණ පවත්වන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලීමක් කර තිබේ.
පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් එම සංසදය මෙම ඉල්ලීම කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ අත්සනින් යුත් පොලිස්පතිවරයා වෙත යවන ලද එම ලිපිය පහත දැක්වේ.