<h4>පළාත් තුනක ආණ්ඩුකාරවරුන් අද (15) සිට ක්‍රියාත්මක වන අන්දමට සිය තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.</h4> <h4>උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් හා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන ආණ්ඩුකාරවරුන් මෙලෙස ඉවත් කර ඇති අතර නව ආණ්ඩුකාරවරුන් එළඹෙන බදාදා දිනයේදී පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.</h4>