මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිටි නිවාඩුවට නිවෙස් බලා ගිය සේවිකාවන් 04 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාරතෙමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
මේ කාර්යමණ්ඩල සාමාජිකාවන් දෙදෙනෙක් කුරුණෑගල කටුපොතින් ද, එක් අයෙක් මොණරාගල මැදගමින් ද තවත් අයෙක් යාපනය වේලනෙයි ප්‍රදේශයෙන් ද හමු වී තිබේ.
රට තුළ කොවිඩ් ආසාදිතයින් විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම සංකීර්ණ තත්වයක් නිර්මාණය කරන බව සෞඛ්‍ය අංශ පවසයි.