දිනසේන රතුගමගේ –
යාපනයෙන් ලන්ඩනයට ගොස් එහි ජීවත් වූ පුද්ගලයෙකුව අමානුෂික අන්දමට ඝාතනය කොට ඔහුගේ මළ සිරුර ලන්ඩනයේ හැරෝ ප්රදේශයේ පාලු ස්ථානයක දමා ගොස් තිබියදී 18 දා පොලිසියට හමු වී තිබේ.
කන්දසාමි ප්රභාකරන් නැමති මොහු අවුරුදු 42ක් වයස තිදරු පියෙකු වන අතර ඔහු සිය පවුල සමග ලන්ඩනයේ ජීවත් වෙමින් ව්යාපාරික කටයුතු හා සමාජ සේවා කටයුතු කරගෙන ගොස් තිබේ.
යාපනයේ චාවාකච්චේරී සරසාලේ ප්රදේශයේ පදිංචිකරුවකු වන මොහු මීට වසර අටකට පමණ ඉහතදී ලන්ඩනයට ගොස් ඇති අතර ඔහු මියගිය ආකාරය හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත,
ලන්ඩනයේ හැරෝ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.