දිනසේන රතුගමගේ
2016 වසරේ සිට මේ දක්වා මුලතිව් පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුමක නිරත ෂාප්(SHARP) නැමති දේශීය සංවිධානය පමණක් බිම්බෝම්බ 24065 ක් ඉවත් කොට ඇති බව එහි ව්‍යාපෘති කලමනාකාරවරයා පැවසීය.
ෂාප් සංවිධානයේ ව්‍යාපෘති කලමනාකරි කපිතාන් ප්‍රභාත් නාරම්පනාව මහතා කියා සිටියේ පච්චිලෙයිපල්ලි හා ඔට්ටිසුඩාන් යන පළාත් වලින් පමණක් මෙම බිම්බෝම්බ ප්‍රමාණය ඉවත් කළ බවයි.
මීට අමතරව කිළිනොච්චියේ පලෙයි අම්බගාමම් ඇතුලු තවත් පළාත් ගණනාවක බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ කාලය තුළ ඉතා සාර්ථකව ඉටු කොට ඇති බවද ඔහු සදහන් කළේය.
උතුරේ බිම්බෝම්බ ඉවත් කරණ ලද අක්කර 360 ක පමණ භූමි ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට බාරදීමෙන් පසුව මෙවර මාස් කන්නයේ ගොවිතැන් කටයුතු සදහා ගොවීන්ට බාර දීමට එම නිලධාරීන් පියවර ගෙන තිබේ.