තම සැමියාට කොවිඩ් ආසාදනය වී ඇති බව දැන දැනම කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හලක සේවයට ගිය කාන්තාවක් නිසා එම කම්හලේ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් වී ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම තොරතුරු සොයාගෙන බුද්ධි අංශ අදාල කර්මාන්ත ශාලාවට ගොස් ඇයව දැනුවත් කිරිමෙන් අනතුරුව ඇයව හා කම්හලේ ඇයගේ ආශ්‍රිතයන් ගේ කළ පී.සී.ආර්. පරීක්ෂණ වලදී ඔවුන් සියලු දෙනාටම කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් 72ක් කොවිඩ් ආසාදිතව සිටිති.
වේගයෙන් පැතිරෙන මේ වෛරසය සමග වගකීමෙන් ගනුදෙනු කරන ලෙස කොවිඩ් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.