අධිකරණ නියෝග සහ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ සහ තවත් අයකු පමුණුගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
උද්ඝෝෂණයක් පැවැත් වීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඊයේ දිනයේ දී වැලිසර අධිකරණය මගින් මීට අදාළව නියෝගයක් පොලිසිය විසින් ලබාගෙන තිබූණි.
මෙම උද්ඝෝෂණයට සහභාගි වූ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
සැකකරුවන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.