දැරියක අපයෝජනය කළ බවට චෝදනාවක් මත ආනමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි විදේශිකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැට තුන් හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
සැකකරු අපයෝජනය කර ඇත්තේ එකොළොස් හැවිරිදි දැරියක බව පොලිසිය කියයි.
මෙම විදේශිකයා විසිපස් වසරක් තිස්සේ මෙරට පදිංචි ව සිටි බව කියවේ.
ඔහු පදිංචිව සිට ඇත්තේ ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයේ ය .
කාන්තාවක විසින් පොලිසියට සඳහන් කර ඇත්තේ මාස දෙකකට පමණ පෙර එම විදේශිකයා තම දියණිය අපයෝජනය කළ බවයි.