බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මගහැරෙන මල් කැකුළු ගැන ගුරු දිනය දා ගුරුවරියක් තැබූ සටහනක්…

by editor
ඔක්තෝබර් 6, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

අවුරුදු ගණනාවක් පුරා මේ රට මුල් බැසගත් ත්‍රාඩ , කාලකන්ණි දේශපාලනය තුළ රැහැන් ගිලිහී ගිය ගුරුවරියක ලෙස ගුරු දිනය දා දරුවන් සුළඟේ එවන හාදුවකට ඉව අල්ලමින් ලියමි.

ජීවිතය සකසුරුවම් වී ඇති රැහැන් ගිලිහී යත්ම අන්දුන්කුන්දුන්වන ජීවිතය අත් විඳිමින් හිදිමි. දරුවන් දැන් ගුරුවරුන් හා තිබූ සමබරතාවය ගිලිහී ගොස්ය. රටේ අනාගතය අවතැන්‍ ය. ඔවුන් හා එක්ව ගත කළ ජීවිත යේ අවසන් හුයත් කඩා බිඳ දමා දින, සති, මාස ගෙවී ගොස් අවසන්‍ ය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය නිවැරැදි ව අවබෝධ කර නොගන්නාතාක් අපි මේ මඬ ගොහොරුවේ ගිලී සිටිය යුතු වෙමු. ඇස් පනා පිට මේ ගිලිහී , තැලී, පර වෙන්නේ අපේ අනාගත මල් කැකුළු බව වේදනාවෙන් ලියා තබමි.

ගුරුවුවෘතිය වෘත්තීය මට්ටම ඉක්මවා යන්නේ එය ජීවිත සමඟ කරන ගනු දෙනුවක් බැවිනි. ගුරුවරයා ගුරු දෙවියා ලෙස සැලකූ අතීත සැමරුම් දෑස් ඉදිරියේ බිඳ  වැටෙමින් තිබේ. වගකිවයුත්තන් නිහඬය… දෙපැත්තකට වී මේ කඹ අදින්නේ හුස්ම ගන්නා අනාගතය සමඟය.

අනුෂ්ක මට හමුවූයේ 10 ශ්‍රේණියේ පන්තිභාර ගුරුවරියකව සිටිය දීය. අනුෂ්කගේ මලානික දෑස්  මට කී කතාව සත්‍යයක් දැයි බැලීමට මම දිනක් ඔහුගේ නිවසට ගොඩ වැදුනෙමි. මා කුඩා කළ සෙල්ලම් කළ සෙල්ලම් ගෙය තුළ ඊට වඩා සැප තිබුනා මතකය. අනුෂ්ක අන්ත අසරණ ජීවිතයක් ගත කරමින් උන්නේය. තමා දෙක ශ්‍රේණියේ සිටියදී මව මඟහැරුන බවත්, පියා සමඟ මේ පැල්පතේ ජීවත් වන බවත් ඔහු කඳුළු පිරි දෙනෙතින් මට කීවේය.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

පියාගේ රැකියාව වැව් මාලු අල්ලා විකිණීම බවත්, පරිප්පු ත් , වැව් මාලුත් සමඟ මිස එළවළුවක රස බැලූ කාලයක් මතක නැති බවත් අනුෂ්ක මා සමග කීවේය. මම හිස අත ගාමින් පැය ගණනක් ඔහුට සවන් දුන්නෙමි.

කුස්සිය යැයි කියාගන්නා ස්ථානයේ හුඹස් බැඳ තිබුනි. තැනින් තැන බිම්මල් පිපී තිබුණි. මැටි නොගෑ බිම උඳුපියලිය පැළ වී තිබුණි. කට කැඩී ගිය හැළිවළං හා මුඩි ගැලවී ගිය තුනපහ බෝතල් කීපයක් පසෙක අසුරා තිබුණි. කෑ ගසා හඬන්නට සිත් වුවද මම දරාගත්තෙමි.

එයිනුත් පසු මම වෙනදාට වඩා අනුෂ්ක වෙත අවධානය යොමු කළෙමි. සෑම උදෑසනකම ඔහුට බත් මුලක් රැගෙන යන්නට අමතක නොකළෙමි.

අත් අකුරු ලිවීමට නොහැකි වූ ඔහුට වචන ගැට ගසන්නට පුරුදු පුහුණු කරන්න ට වෙනම වෙහෙසක් ගත යුතුව තිබුනි. මම තවත් ගුරුවරු කීප දෙනෙකුගේ සහය ඇතිව  අනුෂ්ක ට ලියන්න ට පුරුදු කළෙමි. කුඩා කෙටි මාතෘකා පිළිබඳව අවබෝධයක් ලබා දී පාසලේ සාහිත්‍ය සමිතියේ කතා පැවැත්වීමට  ඉඩ ලබා දුන්නෙමි. පවුලෙන් නොලැබෙන සමාජානුයෝජනය   පාසල වෙතින් ඔහුට අත්විඳ ගන්නට ඉඩ සලසා දුන්නෙමි.

අවුරුදු දෙකක් තිස්සේ මං ඔහු වෙනුවෙන් මවක් වීමි.  ප්‍රතිඵල නිකුත් කෙරුණේ ඊයේ පෙරේදා ය. එස් සාමාර්ථ සහිතව විෂයයන් කීපයක් පමණක් ඔහු සමත් වී සිටියේය. කුමන වැඩ වර්ජන මධ්‍යයේ වුවද ජීවිත අත  හරින්නට ලෝබය. මම අනුෂ්ක සොයා ගියෙමි.

” දුක් වෙන්න දෙයක් නෑ ටීචර් .මට දැන් තැනක ගිහින් කතා කරන්න හරි පුලුවන් නේ..”

අනුෂ්ක මගේ හිත හැදුවේය. අව්‍යාජ සිනහවක් පාමින් මං සිතින් ඔහු වැළඳ ගත්තෙමි.

දැන් ඉතිං මේ රටේ සුවහසක් අනුෂ්කලාට ජීවිතය මඟහැරී ඇති බව නොරහසකි. ගුරුවරියක ලෙස හෘද සාක්ෂිය ගලවා විසි කරන තැනටම වැඩ කටයුතු සිදු වී හමාරය. මේ රටේ ඉපදුණු  දරුවන් පවුය. ගුරුවරුත් පවුය.

සෑම දිනයක්ම ගුරු දිනයක් වන අනාගතයක් උදා විය යුතුමය. මල් කැකුළු සිනාවෙන් පිපී ලොව සුවඳවත් වන්නේ එවිටය. මෙය නොතේරෙන මෝඩ පාලකයින් සිටින රටක ට ගුරු දින කුමකටද?.

සමරනේ කුමන කෙංගෙඩියදැයි අසමි.

අවසන කොසිය ජාතකය ලියා තබා මේ සටහන නිමා කරමි.

පැරණි භාරතයේ බලලෝභයෙන් රාජ්‍ය කළ රජෙක් වූයේ ය. දුර දිග නොබලා කටයුතු කරන ඔහු ආරක්ෂා කළේ බෝධිසත්ව ඇමතිවරයා විසිනි.

දිනක් යාබද රාජ්‍ය අල්ලා ගැනීමට සිතූ රජු ආර්ථික, දේශගුණික, කිසිදු සාධකයක් මායිම් නොකර යුද්ධයකට සූදානම් විය. නුසුදුසු කාලයක යුද්ධයකට යාම දැලි පිහියෙන් කිරි කෑමක් වැනි කටයුත්තක් බව බෝධිසත්ව ඇමතිවරයා ට වැටහුණි.

රජතුමා දැන් ලහි ලහියේ සියලු කටයුතු සූදානම් කරවයි.  මේ කටයුතු පිළිබඳව රජුත්, සමීප ඇමතිවරුත් උණ පඳුරක් අසල යම් කතා බහක යෙදී සිටියේය.

එම උණ පඳුරේ මැද බකමූණෙක් නිදා  සිටියේය. උණ පඳුර ආසන්නව කපුටන් කිහිප දෙනෙක්ම හොරගල් අහුලමින් සිටියහ. බකමූණා මේ කිසිවක් නොදැන හිටි හැටියේම පියාඹා යන්නට පටන් ගත්තේය. කපුටු රැළ බකමූණා වට කළහ. ඌට හිංසා කොට මරා දැමුවේය.

මේ සිදුවීම දුටු රජු බෝධිසත්ව ඇමතිවරයා ගෙන් ඒ ඇයි දැයි විමසා සිටියේය.

“කල නොකල නොවිමසා වැඩ කරන සියලු දෙනාට වන්නේ ඔය ටිකයි. බකමූණා විනාශ වූයේ අකාලයේ පිටත් වූ නිසාය. ඌට හුරුපුරුදු හොඳින් පෙනෙන රාත්‍රි කාලයේ ඉගිලී ගියේ නම් මේ විපත් කිසිවක් සිදු නොවනු ඇත. ”

බෝධිසත්වයෝ පහදා දුන්හ.

ඒ කතාවට සවන් දුන් රජු  ඉක්මන් නොවී යුද්ධය නවතා සුදුසු  කාල වේලාව බලා ඉතා පහසුවෙන් යුධ කොට යාබද රාජ්‍ය අල්ලා ගත්තේය.

“සෑම කටයුත්තකටම ගැළපෙන නිසි කාලයක් තිබෙන බවත්, සුදුසු කාලය පැමිණිමට පෙර හදිස්සි වීමෙන් ප්‍රතිඵල භයානක විය හැකි බවත්  මෙම කතාවෙන් අපට කියා දෙන්නේය.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිලියන 14ක ෆයිසර් එන්නත් ඇණවුම අඩකින් අඩුකරයි!

Next Post

ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල 06 වැනි තැනට…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.