ශ්‍රි ලංකාවට ගෙන්වීම සඳහා ඇණවුම් කර තිබූ ෆයිසර් එන්නත් මිලියන 14ක ප්‍රමාණය මිලියන 6.8ක් දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. කොවිඩ් වසංගතය හමුවේ තුන්වැනි මාත්‍රාවක් වෙනුවෙන් මෙසේ ඇණවුම් කර තිබූ තොග ප්‍රමාණය සංශෝධනය කෙරුණේ ලෝක සෞඛ්‍ය සංවිධාන මඟ පෙන්වීම් අනුව සිදු කරන ලද විශේෂඥ නිර්දේශ අනුව බවත් මෙරට ජනතාවට තුන්වැනි මාත්‍රාව ලබා දෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අවදානම් කාණ්ඩ සහ වසංගතය හමුවේ ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය සේවකයින් වැනි කාණ්ඩ සඳහා පමණක් බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ වෙනත් රටවල් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සඳහා තුන්වැනි මාත්‍රාව ලබා දීමට සැලසුම් කළද මෙරට සෞඛ්‍ය විශේෂඥයන් මෙය වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩ සඳහා ලබා දීම සුදුසු බවට නිර්දේශ කළ බවයි
“ සමහරු එන්නත්වල සන්නාම ගැන කතා කරනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත් සෑම එකක්ම අපට භාවිත කළ හැකියි. යම් සන්නාම භාවිත කළ යුතු බවට විශේෂයෙන් සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 12ට වැඩි පුද්ගලයන් සඳහා පමණයි. කොහොම වුණත් තවමත් දරුවන් එන්නත්කරණය පිළිබඳව වාද වවාද පවතිනවා. අදාළ විශේෂඥයන්ගේ තිර්දේශ අනුව අප මෙම් සම්බන්ධයෙන් තිරන ගන්නවා.“ යනුවෙන් සඳහන් කළේය.