ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ නව එල්.පී ගෑස් අලෙවි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඊයේ (05) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.
මේ සඳහා නව සමාගමක් ඛනිජ තෙල් සංස්ථාව යටතේ පිහිටුවනු ඇති බවත් මෙරට වෙළෙඳපොලේ තුන්වැනි ක්‍රියාකාරීකයා ලෙසින් මෙම සමාගම නුදුරේදීම ව්‍යාපාර කටයතු ආරම්භ කරනු ඇති බවද අමාත්‍ය වෛද්‍ය පතිරණ සඳහන් කළේය.
“ මෙර ඛනිජ තෙල් පිරිපහදු ක්‍රියාවලියේදී සැලකිය යුතු ගෑස් ප්‍රමාණයක් නිකුත් වෙනවා. එයින් අපේ ගෑස් ඉල්ලුමෙන් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් සපුරාලිය හැකියි. ඊට අමතරව ඛනිජ තෙල් පිරිපහදුවේ ඉදිරි සංවර්ධන සැලසුම් සමඟ අනාගතයේදී මේ නිෂ්පාදනය තව වැඩි කර ගත හැති බවට සඳහන් වෙනවා. මේ තත්ත්වය තුළ තරගකාරී වෙළෙඳපොළට නව ගෑස් සමාගම ප්‍රවේශ වනු ඇති යයිද ඔහු එහිදී පැවසීය.