ජර්මානු ආරක්ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කොච් (Gerald Koch) ඇතුලූ පිරිසක් ඊයේ ( 05) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.
කපිතාන් ජෙරල්ඩ් කොච් (Gerald Koch) ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයට අනුයුක්තව ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන අතර ඔහු නිල වශයෙන් ගුවන් හමුදාධිපතිවරයා හමු වූ ප්‍රථම අවස්ථාව මෙය විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ඔලාෆ් මැල්කෝව් (Olaf Malchow), ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ලූතිනන් කර්නල් ජෑන් සිහාර් (Jan Cihar) සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ වෙළඳ සංවර්ධන සහ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක ධරිනි දලූවත්ත සහභාගී වූ අතර මෙම හමුව සනිටුවන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.







