තුෂාරී කළුබෝවිල –
ඊයේ දිනයේ කලුතර දිස්ත්‍රික්කයට වැඩි ම වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 162ක ද බදුරලියට මිලිමීටර් 131ක ද පාහියංගලට මිලිමීටර් 129.5ක ද බුලත්සිංහලට මිලිමීටර් 121.25ක ද අගලවත්තට මිලිමීටර් 107ක ද වර්ෂාපතනයක් ලැබී ඇත.
කොළඹට ද මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනයක් ලැබී තිබූ අතර රත්නපුර, ගම්පහ, ගාල්ල, මාතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 70 ඉක්මවූ වැසි ඇති විය.
එම ප්‍රදේශවල අතුරු මාර්ග කිහිපයක් වැසි ජලයෙන් පිරී යාමෙන් බාධා සිදු වී තිබුණි.
ක්‍රමයෙන් වැසි තත්ත්වය අඩු වන නමුත් ඉදිරි සතියේ ද වැසි අපේක්ෂා කළ හැකි සාධක වායුගෝලයේ පවතින බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පැවසීය.







