දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ පොණ්ඩිචෙරි කරෙයිකාල් හා යාපනය අතර මගී බෝට්ටු හා වාණිජ බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඉන්දියාවේ පුදුවෙයි නියෝජ්‍ය ආණ්ඩුකාරවරියවන තමිලිසායි සෞන්දරරාජන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කොට තිබේ.
නියෝජ්‍ය ආණ්ඩුකාරවරිය ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළේ මීට පෙර ඉන්දියාවේ පොණ්ඩිචෙරි කරෙයිකාල් හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර මෙම මගී බෝට්ටු හා වාණිජ බෝට්ටු සේවාව ආරම්භ කිරීමට සැලසුම් කරන ලද නමුත් ඊට වඩා එම සේවාව යාපනය අතර පවත්වා ගෙන යාම ඵලදායී බව අවබෝධ වීමෙන් පසුව මේ තීරණය ගත් බවය.
අතීතයේදී කරෙයිකාල් සහ යාපනය අතර නැව් සේවාවක් ක්‍රියාත්මක වූ බව පෙන්වා දෙන නියෝජ්‍ය ආණ්ඩුකාරවරිය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලැබෙන්නේ නම් 2022 වසරේ පෙබරවාරී මාසයේ සිට යෝජිත බෝට්ටු සේවාව ආරම්භ කිරීමට හැකි වන බවද කියා සිටියාය.







