කාබනික පොහොර භාවිත කිරීමෙන් යම් ගොවි මහතකුගේ අස්වැන්නට අහිතකර ලෙසින් බලපෑවොත් හෝ ඵලදාව අඩුවුවහොත් ඊට අදාළ අලාභය වෙනුවෙන් වන්දි ගෙවීමේ වැඩපිළිවෙළක් රජය සැලසුම් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
මෙම කාබනික පොහොර හේතුවෙන් යම් ගොවියකුට එවැනි බලපෑමක් වුවහොත් ඊට අදාල හානි පූරණයක් කළ යුතු බවට ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවත් ඒ අනුව සිදු කෙරන ඇගයීමකින් පසුව මෙම කටයුතු සිදුවනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා ගුණාත්මක ඉහළ ප්‍රමිතියකින් යුතු කාබනික පොහොර පමණක් රටට ගෙන්වන වවටද සහතික විය.
මෙහිදී රටට ගැලපෙන පොහොර විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් විනිවිද පෙනෙන සුළු ආකාරයට ගෙන්වීමට කටයතු කරන බවත් එහිදී එම පොහොර තත්ත්ව පරීක්ෂණවලින් සමත් ගුණාක්මක ඒවා පමණක් විය යුතු බවත් කීවේය.
මෙහිදී චීන පොහොර නැවක් ආපසු හැරවීම සම්බන්ධයෙන් චීන තානපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාට යම් අනතුරු ඇඟවීමේ ලිපියක් එවා ඇතිද යන කාරණය පිළිබඳව විමසූ අවස්ථාවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පපෙරුම සඳහන් කළේ එම ලිපිය මඟින් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පොහොර ආනයනය පිළිබඳව වෙබ් අඩවි ඇතුළු මාධ්‍යවල පළවූ වාර්තාවලින් දෙරට අතර මිත්‍රත්තවයට පළුදු වීම් සිදුවිය හැකි බව යැයි කීවේය.







