අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ ඩයනලාගේ බූදලක් නොවන හැටි රන්ජිත් මද්දුම බණ්ඩාර ජී.එල් සමග ඇවිත් පැහැදිලි කරයි…

by editor
මැයි 11, 2024
in පුවත්
Dayana-Gamage
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේගය ඩයනා ගමගේ ගේ හෝ ඇයගේ හිතවතාගේ බූදලයක් නොවන බව සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර අවධාරණය කළේය.

ඊයේ (10) විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් රන්ජිත් මද්දුමබණ්ඩාර සහ මහාචාර්ය ජී.එල් පීරිස් සමගි ජන බලවේගයේ හිමිකම සහ නීත්‍යානුකූලභාවය සම්බන්ධ දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්නේ මෙම පක්ෂයේ හිමිකාරිත්වය පිළිබඳ අයිතිය කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකළ ඩයනා ගමගේ හා සම්බන්ධ  පක්ෂයේ හිටපු සභාපති සේනක ද සිල්වා විසින් විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැඳවා රන්ජිත් මද්දුමබණ්ඩාර සහ සජිත් ප්‍රේමදාස පක්ෂයේ තනතුරුවලින් නීත්‍යානුකූලව  නෙරපා ඉදිරි කටයුතු කරන බවට කළ ප්‍රකාශයත් සමගය.

එහිදී රන්ජිත් මද්දුම බණ්ඩාර මෙසේ සිය පැහැදිලි කිරීම කළේය.

“සමගි ජන බලවේගය ඩයනා ගමගේට අයිති පක්ෂයක් නෙමෙයි. මේ පක්ෂයේ භාරකරත්වයේ නිලධාරී මණ්ඩලයෙ  හිටියේ මංගල සමරවීර මැතිතුමා සහ ශ්‍රීපති සූරියආරච්චි මැතිතුමා. ඊට පස්සේ ඩයනා ගමගේ ගේ  හිතවතෙක් මේ පක්ෂයේ සභාපති වෙලා තියනවා.

අප  මේ පක්ෂය ගැන ගනුදෙනුව කළේ 2019 -2020 දි.  අපේ රටෙ දේශපාලන පක්ෂයක් පිහිටුවන්න අවුරුදු හතරක් යනවා.  සාමාන්‍යයෙන් මේ රටේ ක්‍රමය තමයි ලියාපදිංචි දේශපාල පක්ෂයක් අරන් ඒකට මේක අනුගත කරන එක.  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණත් ඒ විදිහට තමයි කටයුතු කළේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සම්බන්ධව ප්‍රශ්නයක් පැන නැගුනා 2020 දි. එක්සත් ජාතික පක්ෂයේ හිතවතුන් පිරිසක් අධිකරණයට ගියා මේ පක්ෂය නීත්‍යානුකූල නෑ කියලා. අධිකරණය තීන්දු කළා,  නෑ මේ පක්ෂය නීත්‍යානුකූලයි කියලා. එහෙම කියලා එක්සත් ජාතික පක්ෂයේ හිතවතා ගෙනාපු නඩුව අයින් කරලා දැම්මා.

මැතිවරණයට ඉස්සරවෙලා අපට ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිපියක් දීලා තියනවා මේ පක්ෂය නීත්‍යානුකූලව ලියාපදිංචි කළ පක්ෂයක්,  මේ පක්ෂයේ සභාපති සහ නායකයා සජිත් ප්‍රේමදාස,  මේ පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර කියලා.

ඒ අනුව තමයි අපි පහුගිය මැතිවරණයෙ දි නාම යෝජනා ඉදිරිපත් කළේ. සමගි ජන බලවේගයෙන් මමයි ඒ නාම යෝජනාවලට අත්සන් කළේ. ඉතින් දැන් මේ පක්ෂයට ඔය කියන කාටවත් අයිතියක් නෑ . එහෙමනම් ජී.එල්. පිරිස් මැතිතුමා ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණේ සභාපති. එතුමාටත් කියන්න පුලුවන්නේ මේ පක්ෂය මගේ කියලා.

එතුමා බුද්ධිමත් නිසා තමයි ඒක නොකියන්නේ.

මේ පක්ෂයට කිසිම කෙනෙකුට නීත්‍යානුකූල අයිතියක් ඇත්තෙත් නෑ. කාටවත් මුකුත් කරන්නත් බෑ.

පක්ෂයේ නීත්‍යානුකූලභාවය  සම්බන්ධව නෛතික විග්‍රහයක්  කරන මහාචාර්ය  ජී.එල්. පීරිස් කියන්නේ මෙවැන්නකි.

අපේ ජාතික පෙරමුණේ ඉස්සරලා හිටියේ ඩයනා ගමගේ මැතිණිය නෙමෙයි. ඊට ඉස්සරවෙලා හිටියේ මංගල සමරවීර සහ ශ්‍රිපති සූරියආරච්චි.

අපේ රටේ නීතියේ කොහෙවත් සඳහන් වෙන්නේ නෑ පුරවැසි භාවය නැති පුද්ගලයෙකුට  . පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධව ඉල්ලීමක් කරන්න බෑ කියලා. හැබැයි පුරවැසියෙක් වෙන්නේ නැතිව  කරන්න බැරි දේවල් තියනවා. මැතිවරණයක් තරග කරන්න බෑ… මැතිවරණයක දී ඡන්දය දෙන්නත් බෑ… පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බෑ… පාර්ලිමේන්තුවේ දි ඡන්දය දෙන්න බෑ… ඒ සියල්ලටම අනිවාර්යයෙන් ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් විය යුතුයි.

දැන් ඩයනා ගමගේ මැතිණිය සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රීවරයෙකු ගේ නාම යෝජනා අත්සන් කරලා නෑ. එමනිසා අබමල් රේණුවක අවදානමක් නෑ ශ්‍රී ලංකා නීතිය යටතේ සජබෙ මන්ත්‍රිවරුන්ට. ඔවුන් සම්පූර්ණයෙන් සුරක්ෂිතයි.

 

Share69Tweet43
Previous Post

2023 දී අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය  තොග සැඟවූ කිසිම වෙළෙන්දෙක්     පාරිභෝගික අධිකාරියෙන් වටලා නෑ… විගණනය කියයි!   

Next Post

රෙදි නැතිව දේශපාලකයින්ට කඩේ යන්නට පෙර  සියලුම රාජ්‍ය නිලධාරීන් අධ්‍යයනය කළ යුතු  “හර්ෂ ඉලුක්පිටිය “ ව්‍යසනය…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.