ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා නිකුත් කරන ලද නව සංශෝධන රැගත් ගැසට් පත්‍රය පිළිබඳව මත විමසීම සඳහා හිටපු ක්‍රිකට් සභාපතිවරුන් හා ලේකම්වරුන් හමුවක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 13 ) පැවැත්විණ.
මෙම හමුවේදී ඊට සහභාගි වූ හිටපු නිලධාරීන් වැඩි පිරිසක් එම සංශෝධන අනුමත කරමින් අදහස් දක්වා ඇතැයි ලංකාසරට වාර්තා වේ.
තිලංග සුමතිපාල, උපාලි ධර්මදාස, අර්ජුන රණතුංග, කේ.මතිවානන්, කුෂිල් ගුණසේකර, අඩෙල් හෂීම්, ඇතුළු හිටපු නිලධාරීන් පිරිසක් ද මෙයට සහභාගි වී ඇත.