දැනට අයි.සී.සී. චෝදනාවට ලක්ව පුරා වසර තුනක් ක්‍රිකට් තහනමකට ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, දිල්හාර ලොකුහෙට්ටිගේ හා නුවන් සොයිසා වෙනුවෙන් ක්‍රිඩා අමාත්‍යංශයට මැදිහත් විය හැකි ආකාරය ගැන සෙවීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර වෙත දන්වා තිබේ.
ඩුබායිහි පැවති ටී.10 තරගාවලියක දී සැක කටයුතු පුද්ගලයෙක් සමග ගනුදෙණු කිරීම මුල් කරගෙන මීට මාස 14කට පෙර අයි.සී.සී.ය විසින් මේ තාවකාලික ක්‍රිකට් තහනම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනා වෙත පවරා තිබේ.
මෙම ටී10 තරගාවලියේ සැක කටයුතු ස්වරූපයත්, එම වසරේ පළාත් ශූරතාවය දිනූ කොළඹ කණ්ඩායම ටීම් ශ්‍රී ලංකා ලෙස පුද්ගලික ගැනුම් කරුවෙකුගේ කණ්ඩායමක් ලෙස සහභාගී කළ ආකාරයත්, ක්‍රීඩක වෙන්දේසියක් නොතිබීමත්, කොළඹ කණ්ඩායමට අයත් නොවන රමිත් රඹුක්වැල්ල මේ කණ්ඩායමට එක් කිරීමත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන්ගේ මැදිහත් වීමෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මෙම කණ්ඩායම සහභාගී කරවීමත් සම්බන්ධව අවිශ්ක ගුණවර්ධන පසුගිය දා ප්‍රභල හෙළිදරව්වක් කළේය.
මෙම කමිටුව පත් කර ඇත්තේ එම හෙළිදරවුවෙන් පසුය. කමිටුවේ ප්‍රධානිය ලෙස ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය කටයුතු කරයි.