දිනසේන රතුගමගේ –
යාපනයේ වඩමරච්චි වල්ලිපුරම් කෝවිල අසල සිදු වූ බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පේදුරුතුඩුව පොලීසිය විසින් 27 දා අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් කල ප්රශ්න කිරීම් වලදී හෙලි වූයේ පළාතේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරීන්ව ඉලක්ක කරගෙන මෙම බෝම්බය පුපුරවා හැර ඇති බවයි.
අත් අඩංගුවට ගෙන සිටින දෙදෙනා මේ බෝම්බ ප්රහාරයට සෘජුවම සම්බන්ධ බව තවමත් ප්රකාශ කළ නොහැකි බව පවසන පේදුරුතුඩුව පොලීසිය ප්රකාශ කරන්නේ පුපුරවා හරින ලද බෝම්බය ක්ලේමෝ බෝම්බයකට සමාන ලෙස දේශීය වශයෙන් නිෂ්පාදනය කරණ ලද බෝම්බයක් බවයි.
පොලිස් නිලධාරීන් මේ පළාතේ සිදුවන නීති විරෝධී වැලි ජාවාවාරම මැඩ පැවැත්වීම සදහා දිනපතාම මුර සංචාර කටයුතු සිදු කරනු ලබන අතර මෙදිනද පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී බෝම්බය පුපුරවා හැර ඇති බවට තොරතුරු හෙලි වී තිබේ.
මේ බෝම්බ ප්රහාරයේදී එක් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කොට සිටියි.