පාස්කු ඉරුදින ප්රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන කෝටිපති ව්යාපාරික මොහොමඩ් ඊබ්රහිම් සහ තවත් විත්තිකරුවකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
මොහොමඩ් ඊබ්රහීම් අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ඇප මත මුදාහැරීමට නියෝග ලද අනෙක් විත්තිකරු මොහොමඩ් හිජාස් නැමැත්තෙකි.