දිනසේන රතුගමගේ:
කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව විසින් කිළිනොච්චිය සෙරුක්කාල් ප්‍රදේශයේ ජල සම්පාදන ව්‍යාපෘතියක් 19 දා මුලුමනින්ම ඩෝසර් කොට තිබේ.
සෙරුක්කාල් පළාතේ ලුණු ලේවායේ සේවය කරන පිරිසගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සදහා මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදිකොට තිබුණද එය අනවසර ඉදිකිරීමක් ලෙස සලකා කරච්චි ප්‍රාදේශීය සභාව විසින් එම භූමියම සම්පූර්ණයෙන්ම ඩෝසර් කොට තිබේ.
මේ ක්‍රියාවට ලුණු ලේවායේ සේවකයින් විරුද්ධ වූ නමුත් කරච්චි ප්‍රාදේශීය සභාව එම විරෝධය නොතකා ජල සම්පාදන ව්‍යාපෘතියම ඩෝසර් කොට තිබේ.