කීර්ති ප්රනාන්දු
ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් බත්, කොත්තු , ෆයිඩ් රයිස් , කිරි තේ ඇතුළු ආහාර රැසක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට නියමිත බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එසේම තිරිඟු පිටි මිළ ඉහළ දැමීම මත පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ද රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය කියයි.
මෙම මිල ඉහළ දැමීම පිළිබඳව අද දිනයේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද එම සංගමය පවසයි.
බේකරි හිමියන්ගේ සංගමයේ වැඩිදුරටත් පවසන්නේ පාරිභෝගික ජනතාවට දැඩි පීඩනයක් ඇති නොවන පරිදි මිල වැඩි කිරීමට උත්සාහ කරන බවයි.