කීර්ති ප්‍රනාන්දු –
මා හොඳින්…
මා ගැන සොයා බලා මට ඉක්මන් සුවය පැතූ ඔබට ගොඩක් ස්තුතියි…
කොවිඩ් ආසාදිතව මෙ වනවිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සිය මුහුණු පොතේ ඉහත ප්‍රකාශය තබා තිබේ.
මට දැන් හොඳයි. තව දවස් තුන හතරකින් යන්න පුලුවන් කිවුවා. මට අමාරුයි කියලා වෙන කෙනෙකුගෙ ෆොටෝ එකක් දාලා තිබ්බා. මට ඉක්මන් සුවය පතලා දාලා තිබ්බා. ඒකට සතුටුයි.
තව දවස් තුන හතරකින් හොඳටම සුව වෙලා රෝහලෙන් යන්න පුලුවන්.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉතාම අසාධ්‍ය තත්වයෙන් යුතුව පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව කියන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබිණි.
ඒවා ව්‍යාජ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් ද නිවේදනය කළේය.