ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවන බවට ලද ඇමතුමක් මත ලැබුණු පැමිණිල්ලකට අදාළව සිදුකළ විමර්ශනයකදී පුද්ගලයෙකු අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කටයුතු කරන කීර්ති රත්නායක නමැත්තා බවයි.
ඔහු සඳහන් කර ඇත්තේ කොළඹ පිහිටි ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය මහ කොමසාරිස් කාර්යාලයට ඔහු වෙත ප්‍රහාරයක් එල්ලවන බවට යම් තොරතුරක් ලැබුණු බවයි.
එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් දන්වා එම ආයතනයේ නිලධාරීන් විසින් ඊයේ (13) දහවල් කොල්ලුපිටිය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.
පසුව අදාළ පැමිණිල්ල කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මහනුවර ප්‍රදේශයේ ස්ථීර පදිංචියක් ඇති පනාගොඩ ප්‍රදේශයේ තාවකාලික පදිංචි අයෙකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවත් කිසියම් සිද්ධියක් නිසා පසුව ඔහුව ඉන් නෙරපා ඇති බවත්ය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.