ලොව පුරා පැතිරී යන තුන්වන කොවිඩ් රැල්ල විසින් ලෝකයේ රටවල්වල සංචරණ සීමා පනවා ඇති නමුත් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන්ට අනුව සංචාරකයන්ගේ පැමිණීමට ඉඩ ලබා දෙමින් රටේ ගුවන් තොටුපල මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග කීවේය
කෝවිඩ් ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා සීමා පැනවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු පැවසීය.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව ගුවන්තොටුපළින් රට පැමිණෙන සියලු දෙනා පීසීආර් පරීක්ෂණයට භාජනයවන බවත් එහි ප්‍රතිඵල අනුව ආසාදිත රෝගීන් හඳුනාගෙන ඔවුන් සමාජය සමඟ නොගැටෙන්නට සහතික වී ඇති බවත් මේ ක්‍රමය තුළින් හැකි වී තිබෙන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.
සංචාරකයින්ගේ පැමිණීම සීමා කිරීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇතැයි පවසන අමාත්‍ය රණතුංග විදේශිකයෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වුවහොත් ඔහු හෝ ඇය සමාජය හා නොගැටී වෙන් කිරීමේ තැබීමේ නිශ්ඡිත ක්‍රමවේදයක් ඇති බව ඇමතිවරයා කීවේය.
“කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සැමවිටම උපදෙස් දෙන්නේ රටට සුදුසු දේ කිරන්න. හරියටම අපි කරන්නේ එයයි,” ඇමතිවරයා කීවේය.