සමන්තිකා වීරවර්ධන –
පෝට් සිටියේ අනිටු ප්රතිපල කවරේද යන්න පිලිබඳව ජනාධිපති නීතීඥයින් කීපදෙනෙකු කැඳවා සාකච්ඡා කළ බවත් මෙහි පවතින ගැටලුව සම්බන්ධයෙන් දේශපාලඥයින් කථා නොකර අධිකරණය මගින් විසඳා ගැනීමට ඉඩදිය යුතු බවත් ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කළහ,
රටේ සම්පත් ආරක්ෂා කර ගැනීම රජය ඉදිරිපත්ව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමින් හැටනම ලක්ෂයක් ඡන්දය ලබා දුන්බව ආණ්ඩුව මතක තබාගත යුතු යැයිද හිතුමතේට කටයුකු කිරීමට ජනතාව ඉඩ ලබා නොදෙන්නේ යැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ,
පෝට්සිටිය සම්බන්ධයෙන් වූ පනත සංශෝධනය කර කටයුතු කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින බවත් ගෙඩිය පිටින් විකුණාගෙන කන්නට කිසිවෙකුටත් නොදෙන බව ගුණවංශ හිමියන් අවධාරණය කරමින් සදහන් කළහ.