දිනසේන රතුගමගේ –
විරෝධතා රැසක් මතුවෙමින් තිබෙද්දී කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරයට මුල් ගල තැබීම යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා අතින් ඊයේ ( 30 ) පෙරවරුවේ දී සිදු විය.
යුද සමය වන තුරුම මෙම විහාරස්ථානය මේ ඉඩමේ පිහිටි නමුත් යාපනය වළිකාමම් උතුර ප්‍රාදේශීය සභාව මෙවර පැවති සැසි වාරයේ දී එම ඉඩම පෞද්ගලික ඉඩමක් බැවින් එහි විහාරස්ථානයක් ඉදිකිරීමට අවසර ලබා දිය නොහැකි බවට යෝජනාවක් සම්මත කරගෙන තිබේ..
වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ එම ඉඩමේ අයිතිකරු සොයා ගෙන පසුව ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බවයි.