මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ණ අනුමැතිය ලබාගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියාපටිපාටිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ.
ඇතැම් රටවල ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදයක් සොයාගැනීමත් සමඟ රජය මේ පිළිබඳව සලකා බැලීය.
තත්ත්වය යළි ඇගයීමෙන් පසුව නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.