බොගම්බර බන්ධනාගාරයෙන් පැන ගිය රැඳවියා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ සැගවී සිටිය දී අද හවස පොලිස් අත්අඩංගුවට පත් විය.
මෙ රැඳවියා ඇතුළු 5 දෙනෙක් අද අළුයම බන්ධනාගාරයෙන් පැන යන්නට උත්සාහ කරද්දි වෙඩි තැබීමක් ද සිද්ධ වී තිබිණි. එහෙත් වෙඩි නොවැදුණු බවත්, බන්ධනාගාරයේ තාප්පයෙන් වැටීම නිසා එක් රැඳවියෙක් මිය ගිය බවත් වාර්තා විය.
තවත් රැඳවීයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් ඇත.. රැඳවියන් දෙදෙක් අත්අඩංගුවට පත් වූ අතර අනෙක් රැඳවියා පලා ගියේය.
ඔහු සොයා ගැනීම සඳහා විශේෂ කාර්ය බලකාය හා පොලිසිය අද උදෑසන සිට විශේෂ මෙහෙයුමක් දියත් කළේය.
අවසානයේ දී පලා ගිය රැඳවියා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිටිය දී අත්අඩංගුවට පත් විය.